welcome to my portfolio
අන්තර්ගතය: පරිගණකය ක්‍රම ක්‍රමයෙන් විකාශනය වූ අාකාරය
පූර්ව දැනුම: පරිගණක පරම්පරා ගැන යම් අවබෝධයක් තිබුණි.
නව දැනුම:
පරිගණකයේ ඉතිහාසය
පරිගණකය
අද දක්වා දියුණු වීමේ ඉතිහාසය ප්‍රධාන වකවානු 4 ක් යටතේ සාකච්ඡා කරනු ලැබේ.
යාන්ත්‍රික යුගය (1450 – 1840)
ප්‍රථම
මුද්‍රණ යන්ත්‍රය, සර්පණ රූල(slide rular), පැස්කලයින් යන්ත්‍රය(pascaline), වැඩිදියුණු
කළ පැස්කලයින් යන්ත්‍රය, චාල්ස් බැබේජ්ගේ විශ්ලේෂක එන්ජිම(Analytical engine) යනාදී
උපකරණ මේ යුගයට අයත් ය. එසේම ජෝසප් ජැකාඩ් විසින් සිදුරු පත්‍රිකා ක්‍රමය ලොවට හදුන්වා
දෙනු ලැබූයේ මේ යුගයේදීය. ප්‍රථම පරිගණක වැඩසටහන ලෙස සැලකෙන ඇඩා ඔගස්ටා ලව්කේස් මැතිනිය
සිදුරු පත්‍රිකා යොදාගෙන සකස් කරන ලද වැඩසටහන අයත් වන්නේද මේ යුගයටයි. එය චාල්ස් බැබේජ්ගේ
පරිගණකය සදහා සැලසුම් සකස් කරන ලදී.
චාල්ස් බැබේජ්ගේ විශ්ලේෂක එන්ජිම
විද්යුත් යාන්ත්‍රික යුගය (1840 – 1940)
විද්යුත්
යාන්ත්‍රික යුගයේ ආරම්භක අවස්ථාව විද්යුත් චුම්බක පණිවුඩ ක්‍රමයයි. 1876 දී ඇලෙක්සැන්ඩර්
ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය සොයා ගැනීම, 1897 දී ගුග්ලි ඇල්මෝ මාර්කෝනි විසින් ගුවන්විදුලි
යන්ත්‍රය සොයාගැනීම ආදිය තොරතුරු තාක්ෂණයේ වැදගත් අවස්ථා ලෙස දැක්විය හැකිය.
විද්යුත් යුගය (1940 සිට අද දක්වා)
ඉලෙක්ට්‍රොනික
වෑල්වය හෙවත් රික්ත නලය(Vaccum Tube) සොයාගැනීමෙන් පසුව ඒවා මේ යුගයේ තොරතුරු තාක්ෂණ
උපාංග සෑදීමට පාදක විය. පලමු ස්වයංක්‍රීය පරිගණකය වන මාක් 1 නිර්මාණය කිරීම සදහා, පලමු
පොදුකාර්‍ය අංකිත පරිගණක වන එනියැක්(ENIAC – Electronic Numerical Integrator And
Computer) පරිගණකය නිර්මාණය කිරීමට හා ගබඩා කල ක්‍රමලේඛ යොදාගත් මුල්ම අංකිත පරිගණකය
වන එඩ්වැක්(EDVAC – Electronic Discrete Variable Automatic Computer) පරිගණකය නිර්මාණය
කිරීමට රික්ත නල යොදා ගන්නා ලදි. පසුව ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමද, එයිනුත් පසුව අනුකලිත
පරිගණක යොදා ගැනීමද සමග පරිගණක තාක්ෂණය තවදුරටත් දියුණු වූයේය. අනුකලිත පරිපථ තාක්ෂණය
තවදුරටත් දියුණු වීමත් සමග මයික්‍රෝ ප්‍රොසෙසරයන්ද අද දක්වාම පරිගණකවල භාවිතා වේ.
පරිගණක වර්ගීකරණය
වර්ගීකාරක
කිහිපයක්ම යොදාගෙන පරිගණක වර්ගීකරණය කිරීමට පුලුවන. ප්‍රධාන පරිගණක වර්ගීකරණ ක්‍රමයක්
වන්නේ පරිගණකය තුළ විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන තාක්ෂණික උපාංග යොදාගෙන කරන වර්ගීකරණයයි.මෙහිදී
පරම්පරා 4 කට බෙදා දක්වයි.
පළමු පරම්පරාව (1940 – 1956)
රික්ත නළ
භාවිතයෙන් තැනූ පරිගණක මීට අයත් වේ. ENIAC,UNIVAC -1, යන පරිගණක නිපදවූයේ මෙම රික්ත
නල යොදාගෙනය. මේ පරිගණක කාමරයක එක්ලස් කර තැබිය
යුතු තරමේ විශාල විය. විදුලි බලය ඉතා අධිකව වැයවිය. දත්ත ඇතුල් කිරීමට යොදාගනු ලැබූයේ
යාන්ත්‍රික භාෂාවයි. ආදාන උපක්‍රමය ලෙස යොදාගන්නේ පන්ච්ඩ් කාඩ් තාක්ෂණයයි. භාවිතා කරන
විට අධික තාපයක් පිටවිය. කාර්‍යක්ෂමතාවය හා විශ්වාසනීයත්වය ඉතා අඩු වූ අතර මිල ඉතා
අධික විය.
රික්ත නලයක්
ලෙස හැදින්වෙන්නේ විදුලි බුබුලක් බදු වෑල්වයකි. මේ තුල බල්බයක මෙන් සූත්‍රිකාවක් ඇත.
එමෙන්ම ඉලෙක්ට්‍රෝඩද වේ. මෙය සකසා ඇත්තේ වීදුරු නලය තුල ඇති වායුව ඉවත් කිරීම සදහාය.
රික්ත නලය ක්‍රියාකිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සැපයෙන්නේ එහි සූත්‍රිකාව ලෙස ඇති කැතෝඩයෙනි.
මේ සදහා කැතෝඩය රත් කරයි. කැතෝඩය රත් කරන විට ඒ තුල ඇති ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වේගයෙන්
චලනය වන අතර ඇතැම් ඉලෙක්ට්‍රෝන පිටතට යොමු වෙයි. එසේ පිටතට විහිදෙන ඉලෙක්ට්‍රෝන ධන
ආරෝපිත ඇනෝඩයට ආකර්ෂණය වෙයි.
සාමාන්‍යයෙන්
රික්ත නලයේ මෙම ඇනෝඩය හැදින්වෙන්නේ ප්ලේට් ලෙසය. රික්ත නලයක් හැදින්වෙන්නේ ඩයෝඩයක්
ලෙසය. එනම් එහි ඉලෙක්ට්‍රෝඩ දෙකක් පමණක් ඇති බැවිනි. මෙවැනි ඩයෝඩයක සූත්‍රිකාව අසල
ඇත්තේ කැතෝඩයයි. මුල් කාලයේ පරිගණක සදහා භාවිතා කරන ලද්දේ ට්‍රයෝඩ වර්ගයේ රික්ත නලයි.
ඇනෝඩය හා කැතෝඩය අසල තවත් ඉලෙක්ට්‍රෝඩයක් තබා ට්‍රයෝඩය සකසා තිබේ. කැතෝඩය මගින් නිකුත්
කරන ලද ඉලෙක්ට්‍රෝන ධාරාව ඇනෝඩය වෙත ආකර්ෂණය වන ස්වරූපය පාලනය කරන්නට මෙම අමතර ඉලෙක්ට්‍රෝඩය
යොදා ගැනේ. එනිසා මෙම ඉලෙක්ට්‍රෝඩය කන්ට්‍රෝල් ග්‍රිඩ් ලෙස හැදින්වේ.
කන්ට්‍රෝල්
එකට විභවයක් ලබාදුන් විට ඇනෝඩය විසින් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන කන්ට්‍රෝල් එකට ලබා ගනී.
එහෙත් කන්ට්‍රෝල් එක වෙත ඍණ විභවයක් ලබා දුන්විට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරයි. මේ අනුව
ධන හෝ ඍණ කුමන විභවයක් ලබාදුන්නද මෙමගින් ඇනෝඩය හා කැතෝඩය අතර පාලනයක් ඇතිකල හැකිය.
මෙහිදී කන්ට්‍රෝල් එකවෙත කැතෝඩයේ විභවයට සමාන විභවයක් ලබාදුන් විට කන්ට්‍රෝල් එක අක්‍රීය
වෙයි.
දෙවැනි පරම්පරාව (1956 – 1963)
ට්‍රාන්සිස්ටරයේ
සොයාගැනීමත් සමගම ඉලෙක්ට්‍රොනික පරිගණකවල දෙවැනි පරම්පරාව ආරම්භ විය. රික්ත නල හා සාපේක්ෂව
ගත් කල මේවා සදහා අවශ්‍ය වන්නේ ඉතා අඩු විදුලි බලයකි. මිලෙන්ද ඉතා අඩු විය. ට්‍රාන්සිස්ටර
ප්‍රමාණයෙන් කුඩා වන අතර බරින්ද අඩුය. ක්‍රියාත්මක වීමට කලින් රත්වීම අනවශ්‍ය වූ අතර
එබැවින් හානිවන ශක්ති ප්‍රමාණයද අඩු විය. මෙම පරිගණකවල දත්ත ගබඩා කිරීම සදහා චුම්බකිත
පටි හා චුම්බකිත තැටි භාවිතා කරන ලදි. මේ පරිගණකවල භාවිතා වූ පරිගණක භාෂාවන් වූයේ
Cobol හා Fortran යන පරිගණක භාෂාය. පලමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව කාර්‍යක්ෂම විශ්වාසනීය
හා මිල අතින් අඩුද විය.
සන්නායක
යනු හොදින් විදුලිය ගමන් කරන තඹ, යකඩ, ඊයම් වැනි ද්‍රව්‍යයන් වන අතර පරිවාරක යනු විදුලිය
ගමන් නොකරන ප්ලාස්ටික්, වීදුරු වැනි ද්‍රව්‍යයයි. අර්ධ සන්නායකවල සන්නායක හා පරිවාරක
යන දෙකටම අදාල පොදු ගුණාංග වේ. කිසියම් කොන්දේසියක් සත්‍ය වූ විට විදුලිය ගමන් කිරීමද
කොන්දේසිය අසත්‍ය වූ විට විදුලිය ගමන් නොකිරීමද මෙහි ස්වභාවය වේ. ජර්මේනියම් යනු එවැනි
අර්ධ සන්නායක ලෝහයකි.
ට්‍රාන්සිස්ටරයක
පාද තුනක් ඇත. එනම් පාදය(base), සංග්‍රාහකය(Collector), හා විමෝචකය(emitter) යන ඒවාය.
රික්ත නලය සමග සැසදීමේදී පාදය රික්ත නලයේ ඇති කන්ට්‍රෝල් ග්‍රිඩ් එකටද, සංග්‍රාහකය
ඇනෝඩයටද, විමෝචකය කැතෝඩයටද සමාන කළ හැකිය.
තුන්වැනි පරම්පරාව (1964 – 1971)
සමෝධානික
හෙවත් අනුකලිත පරිපථ තාක්ෂණය(IC – Integrated Circuits) භාවිතා විය. ඔබ ට්‍රාන්සිස්ටර
දෙකක ක්‍රියාකාරකම එක්කර තනි ට්‍රාන්සිස්ටරයක් සෑදූවේ යැයි සිතමු. එවිට ඒ හරහා ට්‍රාන්සිස්ටර
දෙකේම ක්‍රියාකාරීත්වය ලබාගැනීමට පුලුවන. මෙලෙස ට්‍රාන්සිස්ටර වැඩි ගණනක් එකතු කර අනුකලිත
පරිපථ නිපදවනු ලැබීය. මෙම යුගයේදී මේන්ෆ්රේම් පරිගණක නිපදවීම ආරම්භ විය. මෙතෙක් භාවිතා
කරන ලද ආදාන හා ප්‍රතිදාන අතුරු මුහුණත් වෙනුවට වර්තමානයේ භාවිතාවන පරිගණකවලට තරමක්
හෝ සමාන අතුරු මුහුණත්, යතුරු පුවරු, සංදර්ශක තිර භාවිතය ආරම්භ විය. පරිගණකයේ අන්තර්ගත
මෙහෙයුම් පද්ධතියකින් වැඩ කිරීම ආරම්භ වූයේ මේ යුගයේදීය. මෙම ට්‍රාන්සිස්ටර ක්‍රියාත්මක
වන්නට වැය වූයේ අඩු විදුලි බලයකි. දෙවැනි පරම්පරාවේ පරිගණකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා
පරිගණක නිර්මාණය කරන්නට හැකිවිය. භාවිතා කරන විට තාපය පිටවීම අවම විය. මෙහිදී දත්ත
ගබඩා කිරීමට චුම්බකිත පටි හා තැටි(Magnetic Tape/Magnetic Disk) භාවිතා විය. ට්‍රාන්සිස්ටර
යොදා සැකසූ පරිගණකවලට වඩා මිලෙන් අඩුවූ අතර කාර්‍යක්ෂමතාව හා විශ්වාසනීයත්වය කලින්
පරම්පරාවලට වඩා වැඩි විය.
හතරවන පරම්පරාව (1971 – අද දක්වා)
නූතන පරම්පරාව
එනම් හතරවන පරම්පරාවේ පරිගණකවල යොදා ගැනෙන්නේ ක්ෂුද්‍ර සකසන හෙවත් මයික්‍රෝ ප්‍රොසෙසර්
තාක්ෂණයයි. මෙම පරම්පරාවේ පරිගණක ප්‍රමාණයෙන් කුඩා මෙන්ම මිලෙන්ද ඉතා අඩු විය. එසේම
මෙම පරිගණක ජාලගත කල හැකිය. චිත්‍රක අතුරු මුහුණත් සහ ඒවා හැසිරවීමට ඔවුන් ටච් පෑඩ්
වැනි උපකරණ යොදා ගැනිණි.
මෙම යුගයේ
පරිගණක විශ්වාසනීයත්වයෙන් ඉතා ඉහල අතර කාර්‍යක්ෂමතාවයෙන්ද ඉතා වැඩිය. අනුකලිත පරිගණක
තාක්ෂණය වැඩි දියුණු කර ප්‍රොසෙසර නිර්මාණය කර තිබේ. වර්තමාන පරිගණකවල යොදා ගැනෙන්නේ
මෙම ප්‍රොසෙසරයි.
මේ අයුරින් පරිගණකවල භාවිතා කළ තාක්ෂණය වර්ගීකාරක පදනම ලෙස යොදාගෙන පරිගණක වර්ගීකරණය කිරීමට අමතරව තවත් වර්ගීකාරක උපයෝගී කරගෙන පරිගණක වර්ගීකරණය කෙරේ. දැන් අපි ඒවා පිලිබදවත් වෙන වෙනම අධ්‍යනය කරමු.
ප්‍රමාණය
අනුව පරිගණක වර්ගීකරණය
ප්‍රමාණය
අනුව පරිගණක වර්ග කරනුයේ සුපිරි පරිගණක(super computer), මහා පරිගණක(Mainframe), මධ්‍ය
පරිගණක(Mini computers) සහ ක්ෂුද්‍ර පරිගණක(Micro Computer) ලෙසටය. අප වර්තමානයේ භාවිතා
කරන ඩෙක්ස්ටොප්, ලැප්ටොප් වැනි කුඩා ප්‍රමාණයේ පරිගණක අයත් වන්නේ ක්ෂුද්‍ර පරිගණකවලටයි.
කාර්‍ය අනුව පරිගණක වර්ගීකරණය
මේ ක්‍රමයට
අනුව පරිගණක ආකාර දෙකකට වර්ග කරනු ලැබේ. එනම් සාමාන්‍ය කටයුතු සදහා භාවිතා කරන පරිගණක(General
purpose Computer) හා තනි කාර්‍යයක් වෙනුවෙන් භාවිතා කරන පරිගණක(Special purpose
computer) ලෙසය.
නිර්මාණ තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය
මේ ක්‍රමවේදය අනුව පරිගණක වර්ග කරන්නේ එය නිර්මාණය කර ඇති ප්‍රධාන තාක්ෂණික ක්‍රමය අනුවය. එහිදී අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන ඩෙක්ස්ටොප්, ලැප්ටොප් වැනි පරිගණකයන්හි සිට සුපිරි පරිගණකය දක්වා ඇති විව්ධ වර්ගයේ පරිගණක අංකිත පරිගණක(Digital Computer) ලෙස හැදින්වේ. වෝල්ටීයතාවය, උෂ්ණත්වය, වේගය වැනි යම්කිසි ප්‍රභවයක් අඛණ්ඩව මැනීම සදහා යොදා ගන්නේ ප්‍රතිසම පරිගණකයි(Analog Computer). මෙම පරිගණක තාක්ෂණ දෙකම එකතු කොට තැනූ පරිගණක මිශ්‍ර හෙවත් දෙමුහුම් පරිගණක ලෙස හැදින්වේ.ඉගෙනුම් ක්‍රමවේදය : හොදයි
විස්තාරණීය තොරතුරු ගවේෂණය : O/L ICT TEXT BOOK , අන්තර්ජාලය







No comments:
Post a Comment