Friday, August 26, 2016

පරිගණක ජාලගතකරණය (COMPUTER NETWORKING)


WELCOME TO MY PORTPHOLIO


අන්තර්ගතය :  පරිගණක ජාලගත කිරීමේදී වර්ගීකරණය වන අයුරු

පූර්ව දැනුම  : LAN ,MAN,WAN  ලෙස නම් වශයෙන් දැන සිටියෙමි.

නව දැනුම   :

පරිගණක ජාලයක් යනු කුමක්ද?

ඉතින් මේ ගැන ඔයාලගෙන් ඇහුවොත් කවුරුහරි ඔයාලා තමන්ගේ දැනුමේ හැටියට නොයෙකුත් උත්තර දේවි. නමුත් එය හරියටම නිර්වචනය කරන්නෙ මෙහෙමයි.

“පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, විශේෂ තාක්ෂණික උපක්‍රමයන් හා උපකරණ භාවිතා කොට ගනිමින් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් නිර්මාණය කර ඇති ව්යූහයක්(structure) පරිගණක ජාලයකි.”

ඉතින් මේ පරිගණක ජාලය තුල තිබෙන ඕනෑම පරිගණකයකට ඊට සම්බන්ධ වෙනත් ඕනෑම ප්‍රවේශ වෙලා ඒවා අතර පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීම සිදු කරන්න පුලුවන්. මේ අපි කියපු ජාල තුල තිබෙන පරිගණක අතර දත්ත ගමන් කරන්නේ දත්ත පැකට්ටු(Data Packet) වශයෙනි. මේ සෑම දත්ත පැකට්ටුවකටම Header වගේම Trailer එකක් තියෙනවා ඒ නිසා දත්ත පැකට්ටු ගමන් කරන පරිගණකය හදුනාගන්න පුලුවන්.

ජාලවලට සම්බන්ධ Protocol

ජාලයක් තුල තියෙන විවිධ පරිගණක අතර අන්තර් සබදතා කෙසේ විය යුතුද යන්න පිළිබද නියම කළ නීති රීති මාලාවකට Protocol එකක් කියා කියනු ලබනවා.

ඇත්තටම මේ Protocol වලින් සිදු කරන්නේ දත්ත පැකට්ටු ලබා ගත යුතු ආකාරය, නියමිත පරිගණකයට දත්ත පැකට්ටු ලැබුණු පසුව එය සකසන ආකාරය පිළිබද නිර්වචනය කිරීමයි. TCP/IP වගේම HTTP කියන්නෙත් දැනට ලෝකයේ පරිගණක ජාලවල බහුලව භාවිතා කරන Protocol වර්ගයන් ලෙස හදුන්වන්න පුලුවන්.

දැන් ඔයාලට පරිගණක ජාල ගැන පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල මම හිතනවා. එහෙනම් බලමු මේ පරිගණක ජාල වර්ග කිරීම සිදුවෙන්නෙ කොහොමද කියලා,

පරිගණක ජාල වර්ග කිරීම

විවිධාකාර පදනම් අනුව අපට මේ පරිගණක ජාලයන් වර්ග කරන්නත් පුලුවන්

·         ජාලයේ හිමිකාරීත්වය අනුව

1.      පෞද්ගලික ජාල (Private Networks)
2.      පොදු ජාල (Public Networks)
3.      අතත්‍ය පුද්ගලික ජාල (Vertual Private Networks)

·         ජාලය තුල සර්වරයක් තිබේද නැද්ද යන පදනම මත

1.      Client Server Networks

මෙම වර්ගයේ ජාලවල ඇති පරිගණක නැවත බෙදා වෙන් කිරීම කරන්න පුලුවන්.

Client Computers
මේවා සාමාන්‍ය වැඩපොලවල් (workstation computers) වන අතර පාරිශීලකයන් ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට මේවා යොදා ගන්නවා. සාමාන්‍යයෙන් ජාලයක වැඩිපුරම තිබෙන්නේ මේ වර්ගයේ පරිගණකයන් තමා.
Server Computers
මේවා ඉතාමත් අධ්ක ධාරිතාවක් සහිත බලවත් පරිගණක විශේෂයක් ලෙස හදුන්වාදීම කරන්න පුලුවන්. බොහෝ වේලාවට ජාල කේන්ද්‍රයේ තමා මේ පරිගණක සම්බන්ධ කරලා තියෙන්නේ. ජාලයක් ඇතුලත බහුලව මේවා දකින්න නොහැකියි.

මෙම සර්වර් පරිගණක නැවත වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුලුවන්. Client/Server ජාල වලදී පාරිශීලකයන් Client පරිගණක හරහා ජාලයට පිවිසෙන අතර ඔවුන්ට අවශ්‍ය දත්ත හා අනෙකුත් සේවාවන් Server පරිගණකය විසින් ලබා දීම සිදුවනවා. Server පරිගණකයක් විසින් සපයනු ලබන දත්ත හා සේවාවන් ලබා ගන්නට Client පරිගණක තුළ විශේෂ වර්ගයේ මෘදුකාංග එනම් Client Software තිබිය යුතු වනවා. ඒ වගේම අදාල දත්ත හා සේවා Client පරිගණක වලට ලබා දීමට Server පරිගණක විශේෂ වර්ගයේ මෘදුකාංග එනම් Server Software පිහිටුවලා තිබිය යුතු වනවා.

2.      Peer-to-Peer Networks

මෙම වර්ගයේ ජාල වල සර්වර් වර්ගයේ පරිගණක දකින්නට නොහැකි වෙනවා. මේවායේදී වැඩපොළවල් (workstations) පමණක් එකිනෙකට සම්බන්ධ වීම සිදුවෙනවා. ගොනු හෙවත් Files සියලුම වැඩපොළවල් අතර පොදුවේ හුවමාරු කර ගත හැකිවනවා වගේම එක් වැඩපොලක තිබෙන මුද්‍රණ යන්ත්‍ර වෙත අනෙක් වැඩපොළවලටත් පිවිසීමට හැකිවනවා. කොහොම වුනත් Client Server වලදී ඇති වාසි මේවායේ දකින්නට නොහැකි වනවා වගේම මේ වර්ගයේ ජාලයක් සැකසීමට හැකි වන්නේ එකම කාර්‍යාලයක් හෝ කාමරයක් ඇතුලත පමනයි. දුරස්ථව තිබෙන පරිගණකවලට මෙම තාක්ෂණය යෙදීමටද හැකිවන්නේත් නැහැ.

·         ජාලයට සම්බන්ධ පරිගණක අතර පවතින දුර ප්‍රමාණය මත

මෙහිදී අපට ප්‍රධාන වර්ග 3 කට වෙන් කර දක්වන්න පුලුවන්

1.      ප්‍රාදේශීය ජාල හෙවත් Local Area Networks (LAN)


එකම ගොඩනැගිල්ලක හෝ ආසන්නයේ තිබෙන ගොඩනැගිලි කිහිපයක පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීමෙන් සෑදූ ජාලයන් LAN ලෙස හදුන්වනු ලබනවා.
උදා: එකම නගරයක තිබෙන බැංකු ශාඛා කිහිපයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම.

2.      පුළුල් ප්‍රාදේශීය ජාල හෙවත් Wide Area Networks (WAN)


රටවල් කිහිපයක පිහිටා තිබෙන පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීමෙන් සෑදූ ජාලයන් WAN ලෙස හැදින්වීම සිදුවනවා.
උදා: අන්තර්ජාලය

3.      නගරාන්තර ජාල හෙවත් Metropolitan Area Networks (MAN)


නගරයන් කිහිපයක පිහිටලා තිබෙන පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමෙන් සෑදූ ජාලයන් MAN ලෙස හැදින්වනු ලබනවා.
උදා: ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව රටේ විවිධ නගරවල ඇති ශාඛා එකට සම්බන්ධ කිරීමෙන් සෑදූ ජාලය.


04.ඉගෙනුම් ක්‍රමවේදය  හොදයි

05.විස්ථාරණිය තොරතුරු ගවේශණය  INTERNET

පරිගණකයේ ඉතිහාසය (HISTORY OF COMPUTER)

welcome to my portfolio

අන්තර්ගතය: පරිගණකය ක්‍රම ක්‍රමයෙන් විකාශනය වූ අාකාරය 
 
පූර්ව දැනුම:  පරිගණක පරම්පරා ගැන යම් අවබෝධයක් තිබුණි.
 
නව දැනුම:

පරිගණකයේ ඉතිහාසය

පරිගණකය අද දක්වා දියුණු වීමේ ඉතිහාසය ප්‍රධාන වකවානු 4 ක් යටතේ සාකච්ඡා කරනු ලැබේ.

යාන්ත්‍රික යුගය (1450 – 1840)

ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය, සර්පණ රූල(slide rular), පැස්කලයින් යන්ත්‍රය(pascaline), වැඩිදියුණු කළ පැස්කලයින් යන්ත්‍රය, චාල්ස් බැබේජ්ගේ විශ්ලේෂක එන්ජිම(Analytical engine) යනාදී උපකරණ මේ යුගයට අයත්‍ ය. එසේම ජෝසප් ජැකාඩ් විසින් සිදුරු පත්‍රිකා ක්‍රමය ලොවට හදුන්වා දෙනු ලැබූයේ මේ යුගයේදීය. ප්‍රථම පරිගණක වැඩසටහන ලෙස සැලකෙන ඇඩා ඔගස්ටා ලව්කේස් මැතිනිය සිදුරු පත්‍රිකා යොදාගෙන සකස් කරන ලද වැඩසටහන අයත් වන්නේද මේ යුගයටයි. එය චාල්ස් බැබේජ්ගේ පරිගණකය සදහා සැලසුම් සකස් කරන ලදී.

චාල්ස් බැබේජ්ගේ විශ්ලේෂක එන්ජිම

 විද්යුත් යාන්ත්‍රික යුගය (1840 – 1940)

විද්යුත් යාන්ත්‍රික යුගයේ ආරම්භක අවස්ථාව විද්යුත් චුම්බක පණිවුඩ ක්‍රමයයි. 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් දුරකථනය සොයා ගැනීම, 1897 දී ගුග්ලි ඇල්මෝ මාර්කෝනි විසින් ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීම ආදිය තොරතුරු තාක්ෂණයේ වැදගත් අවස්ථා ලෙස දැක්විය හැකිය.

විද්යුත් යුගය (1940 සිට අද දක්වා)

ඉලෙක්ට්‍රොනික වෑල්වය හෙවත් රික්ත නලය(Vaccum Tube) සොයාගැනීමෙන් පසුව ඒවා මේ යුගයේ තොරතුරු තාක්ෂණ උපාංග සෑදීමට පාදක විය. පලමු ස්වයංක්‍රීය පරිගණකය වන මාක් 1 නිර්මාණය කිරීම සදහා, පලමු පොදුකාර්‍ය අංකිත පරිගණක වන එනියැක්(ENIAC – Electronic Numerical Integrator And Computer) පරිගණකය නිර්මාණය කිරීමට හා ගබඩා කල ක්‍රමලේඛ යොදාගත් මුල්ම අංකිත පරිගණකය වන එඩ්වැක්(EDVAC – Electronic Discrete Variable Automatic Computer) පරිගණකය නිර්මාණය කිරීමට රික්ත නල යොදා ගන්නා ලදි. පසුව ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමද, එයිනුත් පසුව අනුකලිත පරිගණක යොදා ගැනීමද සමග පරිගණක තාක්ෂණය තවදුරටත් දියුණු වූයේය. අනුකලිත පරිපථ තාක්ෂණය තවදුරටත් දියුණු වීමත් සමග මයික්‍රෝ ප්‍රොසෙසරයන්ද අද දක්වාම පරිගණකවල භාවිතා වේ.


පරිගණක වර්ගීකරණය

වර්ගීකාරක කිහිපයක්ම යොදාගෙන පරිගණක වර්ගීකරණය කිරීමට පුලුවන. ප්‍රධාන පරිගණක වර්ගීකරණ ක්‍රමයක් වන්නේ පරිගණකය තුළ විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන තාක්ෂණික උපාංග යොදාගෙන කරන වර්ගීකරණයයි.මෙහිදී පරම්පරා 4 කට බෙදා දක්වයි.

පළමු පරම්පරාව (1940 – 1956)

රික්ත නළ භාවිතයෙන් තැනූ පරිගණක මීට අයත් වේ. ENIAC,UNIVAC -1, යන පරිගණක නිපදවූයේ මෙම රික්ත නල  යොදාගෙනය. මේ පරිගණක කාමරයක එක්ලස් කර තැබිය යුතු තරමේ විශාල විය. විදුලි බලය ඉතා අධිකව වැයවිය. දත්ත ඇතුල් කිරීමට යොදාගනු ලැබූයේ යාන්ත්‍රික භාෂාවයි. ආදාන උපක්‍රමය ලෙස යොදාගන්නේ පන්ච්ඩ් කාඩ් තාක්ෂණයයි. භාවිතා කරන විට අධික තාපයක් පිටවිය. කාර්‍යක්ෂමතාවය හා විශ්වාසනීයත්වය ඉතා අඩු වූ අතර මිල ඉතා අධික විය.


රික්ත නලයක් ලෙස හැදින්වෙන්නේ විදුලි බුබුලක් බදු වෑල්වයකි. මේ තුල බල්බයක මෙන් සූත්‍රිකාවක් ඇත. එමෙන්ම ඉලෙක්ට්‍රෝඩද වේ. මෙය සකසා ඇත්තේ වීදුරු නලය තුල ඇති වායුව ඉවත් කිරීම සදහාය. රික්ත නලය ක්‍රියාකිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සැපයෙන්නේ එහි සූත්‍රිකාව ලෙස ඇති කැතෝඩයෙනි. මේ සදහා කැතෝඩය රත් කරයි. කැතෝඩය රත් කරන විට ඒ තුල ඇති ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වේගයෙන් චලනය වන අතර ඇතැම් ඉලෙක්ට්‍රෝන පිටතට යොමු වෙයි. එසේ පිටතට විහිදෙන ඉලෙක්ට්‍රෝන ධන ආරෝපිත ඇනෝඩයට ආකර්ෂණය වෙයි.
සාමාන්‍යයෙන් රික්ත නලයේ මෙම ඇනෝඩය හැදින්වෙන්නේ ප්ලේට් ලෙසය. රික්ත නලයක් හැදින්වෙන්නේ ඩයෝඩයක් ලෙසය. එනම් එහි ඉලෙක්ට්‍රෝඩ දෙකක් පමණක් ඇති බැවිනි. මෙවැනි ඩයෝඩයක සූත්‍රිකාව අසල ඇත්තේ කැතෝඩයයි. මුල් කාලයේ පරිගණක සදහා භාවිතා කරන ලද්දේ ට්‍රයෝඩ වර්ගයේ රික්ත නලයි. ඇනෝඩය හා කැතෝඩය අසල තවත් ඉලෙක්ට්‍රෝඩයක් තබා ට්‍රයෝඩය සකසා තිබේ. කැතෝඩය මගින් නිකුත් කරන ලද ඉලෙක්ට්‍රෝන ධාරාව ඇනෝඩය වෙත ආකර්ෂණය වන ස්වරූපය පාලනය කරන්නට මෙම අමතර ඉලෙක්ට්‍රෝඩය යොදා ගැනේ. එනිසා මෙම ඉලෙක්ට්‍රෝඩය කන්ට්‍රෝල් ග්‍රිඩ් ලෙස හැදින්වේ.
කන්ට්‍රෝල් එකට විභවයක් ලබාදුන් විට ඇනෝඩය විසින් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන කන්ට්‍රෝල් එකට ලබා ගනී. එහෙත් කන්ට්‍රෝල් එක වෙත ඍණ විභවයක් ලබා දුන්විට ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරයි. මේ අනුව ධන හෝ ඍණ කුමන විභවයක් ලබාදුන්නද මෙමගින් ඇනෝඩය හා කැතෝඩය අතර පාලනයක් ඇතිකල හැකිය. මෙහිදී කන්ට්‍රෝල් එකවෙත කැතෝඩයේ විභවයට සමාන විභවයක් ලබාදුන් විට කන්ට්‍රෝල් එක අක්‍රීය වෙයි.

දෙවැනි පරම්පරාව (1956 – 1963)

ට්‍රාන්සිස්ටරයේ සොයාගැනීමත් සමගම ඉලෙක්ට්‍රොනික පරිගණකවල දෙවැනි පරම්පරාව ආරම්භ විය. රික්ත නල හා සාපේක්ෂව ගත් කල මේවා සදහා අවශ්‍ය වන්නේ ඉතා අඩු විදුලි බලයකි. මිලෙන්ද ඉතා අඩු විය. ට්‍රාන්සිස්ටර ප්‍රමාණයෙන් කුඩා වන අතර බරින්ද අඩුය. ක්‍රියාත්මක වීමට කලින් රත්වීම අනවශ්‍ය වූ අතර එබැවින් හානිවන ශක්ති ප්‍රමාණයද අඩු විය. මෙම පරිගණකවල දත්ත ගබඩා කිරීම සදහා චුම්බකිත පටි හා චුම්බකිත තැටි භාවිතා කරන ලදි. මේ පරිගණකවල භාවිතා වූ පරිගණක භාෂාවන් වූයේ Cobol හා Fortran යන පරිගණක භාෂාය. පලමු පරම්පරාවේ පරිගණකවලට සාපේක්ෂව කාර්‍යක්ෂම විශ්වාසනීය හා මිල අතින් අඩුද විය.
සන්නායක යනු හොදින් විදුලිය ගමන් කරන තඹ, යකඩ, ඊයම් වැනි ද්‍රව්‍යයන් වන අතර පරිවාරක යනු විදුලිය ගමන් නොකරන ප්ලාස්ටික්, වීදුරු වැනි ද්‍රව්‍යයයි. අර්ධ සන්නායකවල සන්නායක හා පරිවාරක යන දෙකටම අදාල පොදු ගුණාංග වේ. කිසියම් කොන්දේසියක් සත්‍ය වූ විට විදුලිය ගමන් කිරීමද කොන්දේසිය අසත්‍ය වූ විට විදුලිය ගමන් නොකිරීමද මෙහි ස්වභාවය වේ. ජර්මේනියම් යනු එවැනි අර්ධ සන්නායක ලෝහයකි.
ට්‍රාන්සිස්ටරයක පාද තුනක් ඇත. එනම් පාදය(base), සංග්‍රාහකය(Collector), හා විමෝචකය(emitter) යන ඒවාය. රික්ත නලය සමග සැසදීමේදී පාදය රික්ත නලයේ ඇති කන්ට්‍රෝල් ග්‍රිඩ් එකටද, සංග්‍රාහකය ඇනෝඩයටද, විමෝචකය කැතෝඩයටද සමාන කළ හැකිය.

තුන්වැනි පරම්පරාව (1964 – 1971)

සමෝධානික හෙවත් අනුකලිත පරිපථ තාක්ෂණය(IC – Integrated Circuits) භාවිතා විය. ඔබ ට්‍රාන්සිස්ටර දෙකක ක්‍රියාකාරකම එක්කර තනි ට්‍රාන්සිස්ටරයක් සෑදූවේ යැයි සිතමු. එවිට ඒ හරහා ට්‍රාන්සිස්ටර දෙකේම ක්‍රියාකාරීත්වය ලබාගැනීමට පුලුවන. මෙලෙස ට්‍රාන්සිස්ටර වැඩි ගණනක් එකතු කර අනුකලිත පරිපථ නිපදවනු ලැබීය. මෙම යුගයේදී මේන්ෆ්රේම් පරිගණක නිපදවීම ආරම්භ විය. මෙතෙක් භාවිතා කරන ලද ආදාන හා ප්‍රතිදාන අතුරු මුහුණත් වෙනුවට වර්තමානයේ භාවිතාවන පරිගණකවලට තරමක් හෝ සමාන අතුරු මුහුණත්, යතුරු පුවරු, සංදර්ශක තිර භාවිතය ආරම්භ විය. පරිගණකයේ අන්තර්ගත මෙහෙයුම් පද්ධතියකින් වැඩ කිරීම ආරම්භ වූයේ මේ යුගයේදීය. මෙම ට්‍රාන්සිස්ටර ක්‍රියාත්මක වන්නට වැය වූයේ අඩු විදුලි බලයකි. දෙවැනි පරම්පරාවේ පරිගණකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා පරිගණක නිර්මාණය කරන්නට හැකිවිය. භාවිතා කරන විට තාපය පිටවීම අවම විය. මෙහිදී දත්ත ගබඩා කිරීමට චුම්බකිත පටි හා තැටි(Magnetic Tape/Magnetic Disk) භාවිතා විය. ට්‍රාන්සිස්ටර යොදා සැකසූ පරිගණකවලට වඩා මිලෙන් අඩුවූ අතර කාර්‍යක්ෂමතාව හා විශ්වාසනීයත්වය කලින් පරම්පරාවලට වඩා වැඩි විය.

 හතරවන පරම්පරාව (1971 – අද දක්වා)

නූතන පරම්පරාව එනම් හතරවන පරම්පරාවේ පරිගණකවල යොදා ගැනෙන්නේ ක්ෂුද්‍ර සකසන හෙවත් මයික්‍රෝ ප්‍රොසෙසර් තාක්ෂණයයි. මෙම පරම්පරාවේ පරිගණක ප්‍රමාණයෙන් කුඩා මෙන්ම මිලෙන්ද ඉතා අඩු විය. එසේම මෙම පරිගණක ජාලගත කල හැකිය. චිත්‍රක අතුරු මුහුණත් සහ ඒවා හැසිරවීමට ඔවුන් ටච් පෑඩ් වැනි උපකරණ යොදා ගැනිණි.
මෙම යුගයේ පරිගණක විශ්වාසනීයත්වයෙන් ඉතා ඉහල අතර කාර්‍යක්ෂමතාවයෙන්ද ඉතා වැඩිය. අනුකලිත පරිගණක තාක්ෂණය වැඩි දියුණු කර ප්‍රොසෙසර නිර්මාණය කර තිබේ. වර්තමාන පරිගණකවල යොදා ගැනෙන්නේ මෙම ප්‍රොසෙසරයි.
 මේ අයුරින් පරිගණකවල භාවිතා කළ තාක්ෂණය වර්ගීකාරක පදනම ලෙස යොදාගෙන පරිගණක වර්ගීකරණය කිරීමට අමතරව තවත් වර්ගීකාරක උපයෝගී කරගෙන පරිගණක වර්ගීකරණය කෙරේ. දැන් අපි ඒවා පිලිබදවත් වෙන වෙනම අධ්‍යනය කරමු.

 



ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය

ප්‍රමාණය අනුව පරිගණක වර්ග කරනුයේ සුපිරි පරිගණක(super computer), මහා පරිගණක(Mainframe), මධ්‍ය පරිගණක(Mini computers) සහ ක්ෂුද්‍ර පරිගණක(Micro Computer) ලෙසටය. අප වර්තමානයේ භාවිතා කරන ඩෙක්ස්ටොප්, ලැප්ටොප් වැනි කුඩා ප්‍රමාණයේ පරිගණක අයත් වන්නේ ක්ෂුද්‍ර පරිගණකවලටයි.


කාර්‍ය අනුව පරිගණක වර්ගීකරණය

මේ ක්‍රමයට අනුව පරිගණක ආකාර දෙකකට වර්ග කරනු ලැබේ. එනම් සාමාන්‍ය කටයුතු සදහා භාවිතා කරන පරිගණක(General purpose Computer) හා තනි කාර්‍යයක් වෙනුවෙන් භාවිතා කරන පරිගණක(Special purpose computer) ලෙසය.

නිර්මාණ තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය

මේ ක්‍රමවේදය අනුව පරිගණක වර්ග කරන්නේ එය නිර්මාණය කර ඇති ප්‍රධාන තාක්ෂණික ක්‍රමය අනුවය. එහිදී අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන ඩෙක්ස්ටොප්, ලැප්ටොප් වැනි පරිගණකයන්හි සිට සුපිරි පරිගණකය දක්වා ඇති විව්ධ වර්ගයේ පරිගණක අංකිත පරිගණක(Digital Computer) ලෙස හැදින්වේ. වෝල්ටීයතාවය, උෂ්ණත්වය, වේගය වැනි යම්කිසි ප්‍රභවයක් අඛණ්ඩව මැනීම සදහා යොදා ගන්නේ ප්‍රතිසම පරිගණකයි(Analog Computer). මෙම පරිගණක තාක්ෂණ දෙකම එකතු කොට තැනූ පරිගණක මිශ්‍ර හෙවත් දෙමුහුම් පරිගණක ලෙස හැදින්වේ.

 ඉගෙනුම් ක්‍රමවේදය : හොදයි

විස්තාරණීය තොරතුරු ගවේෂණය : O/L  ICT TEXT BOOK , අන්තර්ජාලය

දත්ත සහ තොරතුරු සුරක්ෂිතතාවය ( Data and Information Security)

welcome to my portfolio

01. අන්තර්ගතය : තොරතුරු හා දත්ත සුරක්ෂිතතාව

02.පූර්ව දැනුම: වයිරස් පිළිබද සාමාන්‍ය අවබෝධයක් තිබීම.

03.නව දැනුම
පරිගණකයේ යතුරු පුවරුව භාවිතා කර දත්ත ප්‍රවේශයේ අාරම්භයේ සිට දත්ත සේවා කළමණාකරන පද්ධති බිහි වන තුරු ක්‍රියාවලිය CARACTER GENARATION ලෙස හැදින්වේ

පරිගණකයේ අඩංගු යතුරු CARACTER ලෙස හදුන්වයි

CARACTER භාවිිතා කර ප්‍රවේශකරන යමි දත්තයක් DATA ලෙස හැදින්වේ
කිසියම් සංස්කරණයකට භාජනය නොකරන දත්ත ROW DATA ලෙස හැදින්වේ
කිසියම් සංස්කරණයකට භාජනය කරන දත්ත FINISHED DATA ලෙස හැදින්වේ

දත්ත ගණනාවක් එකතුවි FIELD ගොඩනැගේ

 FIELD ගණනාවක් එකතුවි ගොඩනැගෙන වාර්තාව RECORD ලෙස හැදින්වේ



RECORD ගණනාවක් එකතුවි ගොඩනැගෙන දත්ත ගොනුව FILE ලෙස හැදින්වේ


FILE  ගණනාවක් එකතුවි ගොඩනැගෙන දත්ත පදනම DATABASE ලෙස හැදින්වේ
LOCAL AREA NETWORK(LAN) සහ  WILD AREA NETWORK(WAN) ලෙස දත්ත පදනම් මූලික කොටස් දෙකකි


දත්ත පදනම් ගණනාවක් එකතුවි දත්ත සේවා කළමණාකරන පද්ධතියක් ගොඩනැගේ එය DATA BASE MANAGEMENT SYSTEM ලෙස හැදින්වේ

දත්ත සේවා කළමණාකරන පද්ධතියේ මුලික අරමුණ වනුයේ මෙහි තැන්පත්  වි අැති තොරතුරු අවශ්‍ය වෙලාවට සමුද්‍රනය කිරිමට සහ යාවත්කාලීන කළහැකි වීමයි ඒ සදහා ACCESS ,DBASE ,CLIPPER , FOXPRO වැනි මුදුකාංග බිහිවි ඇත


පරිගණක දත්ත සුරක්ශිතතාව වැදගත් වන්නේ ඇයිි?


01 දත්ත විනාශ කිරිම සහ විකුර්ති කිරිම මග හරවා ගැණිමට(Distrotion of data)

02 පරිගණකයට ප්‍රවේශණය කරන තොරතුරු වල සාධිකාරිත්වය සහ හිමි කාරිත්වය තහවුරු කරගැණීමට යොදාගනු ලබන උපක්‍රම සහ ඒවායේ භාවිතය
අන්තර්ජාලයේ ඇති තොරතුරු කොටස් දෙකකි
@නිදහස් ගවේශණය  (Free Access)
@වානිජ ගවේශණය   (Commercial Access)

නිදහස් ගවේශණය යටතේ ආයතන සංවිධාන පුවත්පත් ක්‍රිඩා වැනි තොරතුරු ලබාගත හැකිවුවද අවි නිෂ්පාදනය මුදල් වි්‍්‍යවහාරය වැනි කරුණු ආරක්ෂා කර ගැණිම සදහා මුරපද (PassWord) සහ විවිධ අවහිර කිරිම් කර ඇත



03 පුද්ගලික තොරතුරු සහ පරිගණක දත්ත තොරතුරු සුරක්ශිත කීරීමේ අරමුණින් ඇමරිකානු රජය මගින් ජාතික තොරතුරු පද්ධතිය  යනුවෙන් ව්‍යවස්ථාවක් නීතිගත කර ඇත මෙමගින් යම් පුද්ගලයකුගේ තොරතුරු ලබා ගැණිම එම පුද්ගලයාගේ කැමැත්ත මත සිදු කළ යුතුය 




04  පරිගණක දත්ත පදනමක ඇති තොරතුරු සුරක්ශිතතාව සදහා අමතර පිටපත් (back up) තබා ගැණිම වැදගත්වේ 
මෙමගින් යම්  දත්ත පදනමක ඇති තොරතුරු විනාශයට ලක්වුවහොත් අමතර පිටපත් මගින් එය සකස් කළ හැක



05 පරිගණක දත්ත පදනමකින් දත්ත පදනමකට දත්ත සංක්‍රමණය සිදුවීම (Data Miagration) ලෙස හදුන්වන අතර එය expot & inport ලෙසද හදුන්වයි එසේ දත්ත සංක්‍රමණය සිදුවීමේදි එයට ඇතිවන බාධා අවහිර හානි මගහරවා ගැණීම සදහා


06 Computer Hacking ක්‍රියාවලියේදි යම් දත්ත පදනමක ඇති තොරතුරු විනාශයට ලක්කිරීම වැදගත් තොරතුරු වෙනස් කිරිම ඒ වෙනුවට වෙනත් තොරතුරු අැතුලත් කිරිම සිදු කරන අතර ඒ සදහා වෙනම මුර්දුකාංග නිපදවයි
උදා වර්ෂ 2000 දී Y2K නමින් පරිගණක Virus වැඩසටහනක් මගින් පරිගණක වල ක්‍රියාකාරිත්වය මුලුමනින්ම අත්හිටුවීම


07 අන්තර් ජාලය ආරම්භය සිදුවුයේ ඇමරිකානු miltery data base අතර රහසිගතව යුධ රහස් හුවමාරු කිරීමටය වර්තමානයේදි අධ්‍යාපන සහ ශ්‍රාස්ත්‍රිය පර්යේෂණ සදහා තොරතුරු හුවමාරු කරගැණිම සදහා තාක්ෂණය භාවිතා කරයි ඒ තොරතුරු ආරක්ශා කිරිම සදහා පියවර ගෙන ඇත එම තොරතුරු සංශෝධනය කිරිම යාවත් කාලීන කිරිම වානිජ පරමාර්ථයෙන් යොදා නොගැණිමට අවශ්‍ය පියවර ගෙන ඇත


08 රටක සංවර්ධනය සදහා නිවරැදි සහ නවතම තොරතුරු භාවිතා කිරිම (information for development) අවශ්‍යතාව මත තොරතුරු සුරක්ශිතතාව සදහා ආයතන සංවිධාන මගින් අවශය පියවර ගෙන ඇත
උදා රාජ්‍ය ආයතන වල තොරතුරු එම  ආයතනයේ ප්‍රධානියාගේ භාරයේ ඇත


09 තොරතුරු සුරක්ශිතතාව යම් විවාදාත්මක සහ පර්යේෂණ කටයුතු වලදි විශාල මෙහෙයක් සිදු කරයි 
උදා අපරාධ කරුවන්ගේ තොරතුරු පරිගණක ගත කිරිම ඔවුන්ගේ පරිගණක පරික්ෂා කිරිම සාක්සි නිතියේදි වැදගත් මෙහෙයක් සිදු කරයි


10 නිදහස් තොරතුරු ගලා යාම (free flow information) ජාතියන්තර සංවිධාන විසින් පිලිගෙන ඇති අතර ඒ අනුව සියලු තොරතුරු ගලා යා‍මෙන් සිදුවන අගතිය වැලැක්වීමට පියවර ගෙන ඇත






04. ඉගෙනුම් ක්‍රමවේදය
හොදයි
. presentation යොදා ගනිමින් පැහැදිලිව පාඩම අර්ථකථනය කළේ ය

05.විස්ථාරණිය තොරතුරු ගවේශණය
අන්තර්ජාලය