Saturday, May 30, 2015

E-mail And Blogs (2015/05/30)

welcome to My Portfolio

අන්තර්ගතය: E-mails  සහ  Blogs  සාදා ගන්නා අාකාරය

පූර්ව දැනුම:   e-mail account ඒකක් නිර්මාණය කරන අයුරු දැන සිටීම.

නව දැනුම:

blogger වලින් බ්ලොගයක් සාදා ගැනීම




.blogger වලින් බ්ලොග් එකක් හදන්නනම් Google වල ගිනුමක් තියෙන්න ඕනා.ඒ කියන්නෙ gmail වල e-mail ගිණුමක්
 තියෙන්න ඕනා.

දැනටමත් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ



හරි ඊට පස්සෙ ඔයාලට පේනවනෙ ඒ පේජ් එකේ දකුණු පැත්තෙ තියෙනවා email එක සහ password එක ගහන්න තැනක්.ඒකට ඔයාලගෙ google ගිණුමෙ නැත්නම් gmail වල ගිණුමෙ email එකයි password එකයි ඇතුල් කරලා sign in කියන එක ක්ලික් කරන්න.
එතකොට ඔයාලට පහළ පින්තූරෙ වගේ තිරයක් පෙනෙයි.



ඒකෙ display name කියන එකට බ්ලොග් එක හැදුවට පස්සෙ පේන්න ඕනා නම දාලා I accept the term of services කියන එකට ටික් එකක් දාලා CONTINUE කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තිරයක් පෙනෙයි.


ඔබට පෙනුනේ පහල පින්තූරය අකාරයේ තිරයක් නම් එහි ඇති දැති රෝදයක ලකුණ ක්ලික් කර Old Blogger Interface යන්න ක්ලික් කරන්න.







ඒකෙ තියෙන CREATE YOUR BLOG NOW කියන එක ක්ලික් කරන්න.
එතකොට පහළ වගේ තිරයක් එයි.




ඒකෙ blog title කියන එකට ඔයාලගෙ හදන බ්ලොග් එකේ නම දෙන්න.
උදා:-සැමදෙයක්ම

blog addres(URL) කියන එකට ඔයාලා හදන බ්ලොග් එකට දාන බ්ලොග් ලිපිනය දෙන්න. ඔයා දෙන්න හදන ලිපිනය කවුරුහරි ඉස්සෙල්ල පාවිච්චි කරල නම් ඒක දාන්න බැහැ.පාවිච්චි කරලද බලන්න ලිපිනය දීලා Check Availability කියන එක ක්ලික් කරන්න
උදා:-samadeyakma.blogspot.com

ඊට පස්සෙ යට තියෙන ඇද වෙච්ච අකුරු(Word Verification)ටික පහළ කො‍ටුවෙ ටයිප් කරන්න.ඊට පස්සෙ CONTINUE කියන එක ක්ලික් කරන්න.
එතකොට පහල වගේ තිරයක් එයි.


දැන් ඔතනින් කැමති ටෙම්ප්ලේට් එකක් ‍තෝරගන්න.ටෙම්ප්ලේට් එක කියන එක සරළව කිව්වොත් ඒක තමයි බ්ලොග් එකේ පෙනුම.නැත්නම් ඇඳුම.දැනට ඔතනින් එකක් ‍තෝරගන්නකො.(ඒක උඩ ක්ලික් කරන්න)පස්සෙ කියන්නම් ලස්සන ටෙම්ප්ලේට් දාගන්න හැටි.හරිනෙ එහෙනම් ‍තෝරලා ඉවරයිනෙ.දැන් එහෙනම් CONTINUE කියන එක ක්ලික් කරන්න.


දැන් පහළ වගේ එකක් පෙනේවි.



ඒක පෙනුනද?ඒ කියන්නෙ ඔයා බ්ලොග් එක හදලා ඉවරයි.දැන් ඉතින් START BLOGGING කියන එක ක්ලික් කරන්න.දැන් පෝස්ට් එකක් දාන්න වැටෙයි.


දැන් ඉතින් අර දුන්නු බ්ලොග් ලිපිනයට ගිහිල්ල බලන්න බ්ලොග් එක කොහොමද කියල.තාම ඉතින් හදපු ගමන් හින්ද ලස්සන නැතුව ඇති.

 ටෙම්ප්ලේට් එකක් දැමීම(Template)


මේකෙන් තමයි බ්ලොග් එකේ ලස්සන ඇති වෙන්නෙ.ටෙම්ප්ලේට් එකක් කියන්නෙ බ්ලොග් එකේ ඇඳුම.නැත්නම් පිටත පෙනුම.ඒක තුල තමයි අපි ලිපි ගැජට්ස් ඕන දෙයක් දාන්නෙ.මේ වගේ ටෙම්ප්ලේට්ස් කිහිපයක් බ්ලොගර් වලින්ම දීලා තියෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.ඒවට ඔයාලා කැමතිනම් කමක් නැහැ.ලස්සන ටෙම්ප්ලේට්ස් අපිට ඉන්ටර්නෙට් එකෙන්ම ගන්න පුළුවන්.ඔන්න මම පහළින් දානවා ඒ වගේ සයිට් තුනක්.(ඒවට යන්න නම උඩ ක්ලික් කරන්න)

**Blogger Templates     (http://btemplates.com)
**Free Blogger Templats    (http://www.bloggertemplatesfree.com)
**BLOGGER TEMPLATES   (http://www.bloggertemplatesblog.com) 

මම අද කියන්න යන්නෙ පළවෙනි එකෙන් ටෙම්ප්ලේට් එකක් දාගන්න හැටි.එහෙනම් මුලින්ම ඒ සයිට් එකට යන්නකෝ.ඊට පස්සෙ කැමති එකක් ‍තෝරගන්න.(ඔය මුලින්ම පේන්නෙ ටිකයි.යට තියෙන ඉලක්කම්වලින් ඊලඟ පේජුත් බලන්න)හරි ‍තෝරගත්තනෙ.ඒක කොයි වගේද කියල බලන්න Demo කියන එක ක්ලික් කරන්න.හොඳනම් Download කියන එක ක්ලික් කරල ඒක ඩවුන්ලෝඩ් කරගන්න.පොඩිම පොඩි ෆයිල් එකක් තියෙන්නෙ.ඒක ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆයිල් එකක් විදිහට.ඒක බලන්න අනිවාර්යයෙන්ම WinRar තියෙන්න ඕනා.ඒක කොහොමහරි දාගන්න.ගොඩක් අය ගාව මේක තියෙනවා.සමහර අය දන්නෙත් නැහැ.(මේක හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න)හරි.කොහොමහරි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරල Extract කරගන්න.(දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න)ඊට පස්සෙ බ්ලොගර් වලට ගිහිල්ල ඔයාලගෙ එකවුන්ට් එකට යන්න ඊට පස්සෙ Design කියන එකට යන්න.(ඔය පහළ පින්තූරෙ තියෙන්නෙ.)


ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න


ඊට පස්සෙ එතනින් උඩ තියෙන Edit HTML කියන එකට යන්න.(පින්තූරෙ බලන්න)



ඊට පස්සෙ එතන තියෙනවනෙ Choose File කියල එකක්.අන්න ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ  ටෙම්ප්ලේට් එක Extract ෆෝල්ඩරේ ඇතුලට යන්න එතකොට ඔයාලගෙ ටෙම්ප්ලේට් ෆයිල් එක තියෙයි.(ඒක .xml ෆයිල් එකක්.)ඒකෙ අයිකන් එක මම පහල පින්තූරෙ පෙන්නල තියෙනවා.



අන්න ඒක ‍තෝරගෙන open කරන්න.ඊට පස්සෙ upload කියන එක ක්ලික් කරන්න.එතකොට පහළ වගේ තිරයක් එයි.(නොඑන්නත් පුළුවන්)








ඒකෙ keep widget කියන එක ක්ලික් කරන්න.දැන් ටිකකින් හරි.ටෙම්ප්ලේට් එක බ්ලොග් එකට වැටෙයි.ගිහිල්ල බලන්න බ්ලොග් එකට.



බ්ලොග් ලිපියක් දැමීම

මුලින්ම අපි බලමු කොහොමද බ්ලොග් අඩවියකට ලිපියක් දාන්නෙ කියල.බ්ලොග් ලිපියකට කැමති දෙයක් දාන්න පුළුවන්.මම මේ දාලා තියෙන්නෙත් බ්ලොග් ලිපියක්.එහෙනම් මුලින්ම www.blogger.com වලට ගිහිල්ල ඒකෙන් New Post කියන එකට යන්න.ඊට පස්සෙ ආවා නේද ටයිප් කරන්න තැනක්.ඉතින් එතන ගොඩක් කෑලි කෑලි තියෙනවනෙ.අපි බලමු ඒ මොනවද කියල

මම ඔය පින්තූරෙ ඒ කෑලි වලට අංක යොදල තියෙනවා.ඒ අංක වලට අනුව මම ඒවා විස්තර කරන්නම්




1-බ්ලොග් ලිපියේ මාතෘකාව දමන ස්ථානය
2- Undo සහ Redo බට්න්--මෙමගින් අප කල ක්‍රියා ආපස්සට කල යැවිය හැක.redo බට්න් එක මගින් ආපස්සට යැවූ ක්‍රියා ආපහු කළ හැක.
3-අකුරු වර්ගය වෙනස් කිරීමට
4-අකුරු ප්‍රමාණය වෙනස් කිරීමට
5-අකුරු තද පාට(Bold)කිරීමට
6-අකුරු ඇද කිරීමට(italic)
7-අකුරු යටින් ඉරක් ඇඳීමට(Underline)
8-අකුරු වල වර්ණය වෙනස් කිරීමට
9-අකුරු කැමති පාටකින් හයිලයිට් කිරීමට
10-අකුරු මත හෝ පින්තූරයක් මත ක්ලික් කල විට වෙනත් වෙබ් පි‍ටුවකට යාමට(ලින්ක්-Link)--උදා:-මෙතන ක්ලික් කල විට ගූගල් වෙතට යයි.ඒ එය ලින්ක් එකක් බැවිනි.
11-පින්තූරයක් දැමීමට
12-වීඩියෝ එකක් දැමීමට
13-අකුරු පෙනිය යුත්තේ පි‍ටුවේ මැදද දකුණු පසද වම් පසද යන්න තේරීමට
14-පෝස්ට් එක ලියන ස්ථානය
15-ලිපිය වර්ගීකරණය කිරීමට(Label)--උදා:-ඔබ ලිපි හයක් ලියා ඇත.එයින් තුනක් අන්තර්ජාලය ගැන වන අතර තුනක් පරිගණකය ගැනය.ඒවාට ඔබ විසින් අන්තර්ජාලය සහ පරිගණකය යනුවෙන් වර්ගීකරණය කල විට අන්තර්ජාලය ගැන තොරතුරු අවශ්‍ය කෙනෙක්ට ඒ පිලිබඳ ලිපි තුනද,පරිගණකය ගැන අවශ්‍ය කෙනාට එම ලිපි තුනද වෙනමම බැලිය හැක.
16-ලිපිය බ්ලොගය වෙත මුදාහැරීමට

(අකුරු වලට වෙනස්කම් කරන විට ඒවා හයිලයිට කල යුතුය.අංක 9 යේදී කියන හයිලයි කිරීම නොවේ..)

ඉතින් ඔය ටික යොදාගෙන ඔයාලට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන්.ඔයාල බ්ලොග් එක ලියන්නෙ සිංහලෙන්නම් සිංග්‍රීසි පාවිච්චි කරන්න.ඒකෙ කො‍ටු දෙකක් තියෙනවා.පහළ කො‍ටුවෙ ඉංග්‍රීසියෙන් සිංහළ උච්චාරණේ ලිව්වම උඩ කො‍ටුවෙ සිංහළෙන් වැටෙනවා. උදා:-ammaa යනුවෙන් යට කො‍ටුවේ ලිවූ විට උඩ කො‍ටුවේ අම්මා යනුවෙන් වැටෙනවා.
ඒක ඊට පස්සෙ කොපි කරලා බ්ලොග් පෝස්ට් එක ලියන තැනට පේස්ට් කරනවා



කමෙන්ට්ස්



හරි අපි ඊලඟට බලමු කමෙන්ට්ස් ගැන.අපි මුලින්ම බලමු කමෙන්ට් එකක් දාන හැටි.කමෙන්ට් එකක් කියන්නෙ අපේ අදහසක්.ඉතින් ඒකක් දාන්නෙ මොකක් හරි බ්ලොග් පෝස්ට් එකකට.(තමන්ගෙ බ්ලොග් එකට කවුරුහරි දාපු කමෙන්ට් එකකට ප්‍රතිචාරයක් විදිහට හෝ වෙනත් බ්ලොග් එකක අදහසක් විදිහට කමෙන්ට්ස් දාන්න පුළුවන්)එහෙනම් මුලින්ම බ්ලොග් පෝස්ට් එකේ යටට යනකොට පහළ පින්තූරෙ වගේ එකක් පෙනෙයි.අන්න ඒකෙ තමයි කමෙන්ට් දාන්නෙ.(රතුපාටින් රවුම් කරලා තියෙන එකේ.)

ලොකුවට බලන්න පින්තූරෙ උඩ ක්ලික් කරන්න.

ඉතින් ඒ පින්තූරෙම කහ පාටින් තැනක් තියෙනවනෙ.අන්න එතැනට දාන්න ඕනා ඔයා කවුරු විදිහටද කමෙන්ට් එක දාන්නෙ කියල.ඔයාලා හැමෝටම gmail ගිණුමක් තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ.ඒක හින්දා ඔයාලා Google Account කියන එක ‍තෝරන්න.(කහ පාටින් රවුම් කරල තියෙන තැන ඔයාලගෙ නම වැටිල තියෙනවනම් කෙලින්ම කමෙන්ට් එක දාන්න පුළුවන්)ඊට පස්සෙ එතන තියෙන ලොකු සුදු කො‍ටුවෙ ඔයාලගෙ කමෙන්ට් එක ටයිප් කරලා post comment කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ පහළ වගේ තැනක් එයි.



ඒකෙ මම රවුමක් ගහල තියෙන තැන් දෙකට ඔයාලගෙ gmail වල E-mail ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි දීලා sign in කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ ඔයාලගෙ කමෙන්ට් එක වැටෙයි.සමහර විට ඇදවෙච්ච අකුරු ටිකක් හරියට ටයිප් කරන්න එයි(word verification)එහෙම ආවොත් ඇදවෙච්ච අකුරු ටික පහළ කො‍ටුවෙ ටයිප් කරල යට තියෙන බට්න් එක ක්ලික් කරන්න.

 තමන්ගේ බ්ලොගයේ ඇති කමෙන්ට්ස් බැලීම සහ වෙනස්කම් කිරීම

මේක නම් ඉතින් අමාරු දෙයක් නෙමෙයි.මුලින්ම www.blogger.com වෙතට යන්න.ඊට පස්සෙ ඒකෙ තියෙනවනෙ Comments කියල තැනක්.ඒක ක්ලික් කරන්න.එතකොට ඔයාලගෙ බ්ලොග් එකට වැ‍ටුනු කමෙන්ට්ස් පෙන්නයි.අපි බලමු ඒ කමෙන්ට් එකක් ඩිලීට් කරන්නෙ කියලා.ඒකට මුලින්ම ඩිලීට් කරන්න අවශ්‍ය කමෙන්ට් එක උඩට mouse pointer එක(කර්සර් එක නැත්නම් ඔය ස්ක්‍රීන් එකේ වැටෙන ඊතලේ)ගෙනියන්න.එතකොට කමෙන්ට් ඉස්සරහින් වැටෙයි Spam     Delete     Remove Content කියල තුනක්.ඒකෙ Delete කියන එකෙනුයි Remove Content කියන එකෙනුයි දෙකෙන්ම කරන්නෙ delete කරන එක.හැබැයි ඩිලීට් කරාම කමෙන්ට් නැතුවම යනවා.අනිත් විදිහට කලාම කමෙන්ට් එකේ ලියල තියෙන දේ වෙනුවට ඒක අයින් කරලයි කියල වැටෙනවා.

ගැජට්ස් දැමීම

ගැජට් එකක් කියන්නෙ මොකක්ද කියල හරියටම කියන්නනම් මට තේරෙන්නෙ නැහැ.කොහොම වුනත් සයිඩ් බාර් එකේ(බ්ලොගයේ දෙපැත්තෙන්ම හෝ එක පැත්තකින් තිබෙන තීරුවට සයිඩ් බාර් යයි කියති)තියෙන දේවල් ගොඩක් ගැජට්ස් තමයි.
උදා:-මුළු කමෙන්ට්ස් සහ ලිපි ගණන වැටෙන ගැජට් එක

අපි දැන් බලමු ඒ වගේ ගැජට් එකක් දාගන්නෙ සහ ඒවා අවශ්‍ය තැන්වලින් තියාගන්නෙ කොහොමද කියලා

අපිට බ්ලොගර් වලිනුත් ගැජට්ස් කිහිපයක් දෙනවා.ඒත් ඒවා එච්චර ලස්සන නෑ.නමුත් වැදගත්.ඒ වගේ ගැජට්ස් දාගන්නනම් මුලින්ම www.blogger.com වලට යන්න.ඊට පස්සෙ ඒකෙන් Design කියන එකට යන්න.එතකොට ඔයාලගෙ බ්ලොග් එකේ තියෙන ගැජට්ස් පෙන්වාවි.මේවා මවුස් එකෙන් ඇදලා අවශ්‍ය තැන් වලට දාන්න පුළුවන්.(බ්ලොග් එකේ මැද්දට දාන්න බෑ)අළුත් ගැජට් එකක් දාගන්නනම් මුලින්ම ඒ පේජ් එකේ තියෙන Add a Gadget කියන එක ක්ලික් කරන්න.ඊට පස්සෙ අවශ්‍ය ගැජට් එකේ නම මත ක්ලික් කරන්න.(සමහර ගැජට් ඔයාලට නොතේරෙන්න පුළුවන් මොනවද කියලා)ඊට පස්සෙ අවශ්‍ය සැකසුම් කරලා Save කරන්න.ඊට පස්සෙ අවශ්‍ය තැනට ඇදලා දාගන්න.ඊට පස්සෙ ඔය පේජ් එකේ උඩ හරියෙ තියෙනවා Save කියල එකක්.(ඉස්සෙල්ල කියපු එක නෙවෙයි)අන්න ඒක ක්ලික් කරන්න.දැන් බ්ලොග් එකට ගැජට් එක වැටිලා තියේවි.


Followers

දැන් අපි බලමු කවුද කියලා මෙයාලා.Followers ලා කියන්නෙ අපේ බ්ලොග් එක ගැන පැහැදිලා අපේ බ්ලොග් එක සමග එකතු වන අය.අපිබලමු කොහොමද වෙන බ්ලොග් එකක් follow කරන්නෙ කියලා.මුලින්ම Follow කරන්න ඕනා බ්ලොග් එකට ගිහිල්ල පහළ පින්තූරෙ තියෙන තැන හොයාගන්න.



ඊට පස්සෙ Join this site කියන එකක් ක්ලික් කරන්න.ඔයාලාගෙ gmail ගිනුමෙ පාස්වර්ඩ් එක සහ e-mail ඇඩ්‍රස් එක ඉල්ලුවොත් දෙන්න.නැතනම් කෙලින්ම වෙන තිරයකට යයි.සමහර විට එයිට ඉස්සෙල්ල සේවාව ‍තෝරන්න තිරයක් එයි.ඒක ආවොත් Google කියන එක ක්ලික් කරන්න.කොහොමින් හරි එකතැනකදි follow this blog කියල බට්න් එකක් තියෙන තැනක් එයි.ඒ වෙලාවට ඒක ක්ලික් කරන්න.ඊට පස්සෙ එන තිරයෙන් done කියන එක ක්ලික් කරන්න.

අපි එහෙනම් බලමු තව විස්තර ටිකක් බ්ලොග් එක ගැන.


RSS Feed

මේකත් මට හරියටම කියල දෙන්න අමාරුයි.ඒත් මේක ගොඩක් තැන් වලදි ඕන වෙනවා.අපි බලමු මේක හොයාගන්නෙ කොහොමද කියලා.මේ සඳහා ඔයාලගෙ බ්ලොග් ඇඩ්‍රස් එකට ඉස්සරහින් /feeds/posts/default?alt=rss කියලා දාන්න.

උදා:-http://samadeyakma.blogspot.com/feeds/posts/default?alt=rss

බ්ලොගයට වැඩියෙන් ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට

මේ සඳහා කල හැකි හොඳම දේ සින්ඩියකට දැමීමයි.මම පහතින් සිංහල බ්ලොග් සින්ඩි ටිකක් දාන්නම්.ඒවාට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න.(ඒවාට යෑමට නම උඩ ක්ලික් කරන්න)

*ලාංකීය සිතුවිලි(මේකෙ නම් මේ වෙලාවෙ මොකක් හරි නිසා රෙජිස්ටර් වෙන්න බෑ.පස්සෙ වෙලාවක ගිහිල්ල රෙජිස්ටර් වෙන්න)
*කොත්තු
*ෆේස්බුක් බ්ලොග් සින්ඩිය
*සිංඩිය
*සිංහල බ්ලොග් කියවනය
*හත්මාළුව

ඕවාට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න(මේවායෙදි RSS feed එක ඕනා වෙනවා)

ඊට අමතරව හැම තිස්සෙම බ්ලොග් එක බලන්න එන අයත් එක මිත්‍රව සිටින්න.
එයාලා දාන කමෙන්ට් වලට ස්තූති කරල කමෙන්ට් දාන්න.
අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න
දවස් තුනකට සැරයක්වත් ලිපියක් දාන්න
ඇනෝනිමස් කමෙන්ට් වලක්වන්න එපා.

ඉගෙනුම් ක්‍රමවේදය :පැහැදිලි ලෙස කියා දුන්නා

විස්තාරණීය තොරතුරු ගවේෂණය:  අන්තර්ජාලය