WELCOME TO MY PORTPHOLIO
අන්තර්ගතය : පරිගණක ජාලගත කිරීමේදී වර්ගීකරණය වන අයුරු
පූර්ව දැනුම : LAN ,MAN,WAN ලෙස නම් වශයෙන් දැන සිටියෙමි.
නව දැනුම :
පරිගණක ජාලයක් යනු කුමක්ද?
ඉතින් මේ
ගැන ඔයාලගෙන් ඇහුවොත් කවුරුහරි ඔයාලා තමන්ගේ දැනුමේ හැටියට නොයෙකුත් උත්තර දේවි. නමුත්
එය හරියටම නිර්වචනය කරන්නෙ මෙහෙමයි.
“පරිගණක
දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, විශේෂ තාක්ෂණික උපක්‍රමයන් හා උපකරණ භාවිතා කොට ගනිමින්
එකිනෙකට සම්බන්ධ කිරීමෙන් නිර්මාණය කර ඇති ව්යූහයක්(structure) පරිගණක ජාලයකි.”
ඉතින් මේ
පරිගණක ජාලය තුල තිබෙන ඕනෑම පරිගණකයකට ඊට සම්බන්ධ වෙනත් ඕනෑම ප්‍රවේශ වෙලා ඒවා අතර
පහසුවෙන් දත්ත හුවමාරු කර ගැනීම සිදු කරන්න පුලුවන්. මේ අපි කියපු ජාල තුල තිබෙන පරිගණක
අතර දත්ත ගමන් කරන්නේ දත්ත පැකට්ටු(Data Packet) වශයෙනි. මේ සෑම දත්ත පැකට්ටුවකටම
Header වගේම Trailer එකක් තියෙනවා ඒ නිසා දත්ත පැකට්ටු ගමන් කරන පරිගණකය හදුනාගන්න
පුලුවන්.
ජාලවලට සම්බන්ධ Protocol
ජාලයක්
තුල තියෙන විවිධ පරිගණක අතර අන්තර් සබදතා කෙසේ විය යුතුද යන්න පිළිබද නියම කළ නීති
රීති මාලාවකට Protocol එකක් කියා කියනු ලබනවා.
ඇත්තටම
මේ Protocol වලින් සිදු කරන්නේ දත්ත පැකට්ටු ලබා ගත යුතු ආකාරය, නියමිත පරිගණකයට දත්ත
පැකට්ටු ලැබුණු පසුව එය සකසන ආකාරය පිළිබද නිර්වචනය කිරීමයි. TCP/IP වගේම HTTP කියන්නෙත්
දැනට ලෝකයේ පරිගණක ජාලවල බහුලව භාවිතා කරන Protocol වර්ගයන් ලෙස හදුන්වන්න පුලුවන්.
දැන් ඔයාලට
පරිගණක ජාල ගැන පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල මම හිතනවා. එහෙනම් බලමු මේ පරිගණක ජාල
වර්ග කිරීම සිදුවෙන්නෙ කොහොමද කියලා,
පරිගණක ජාල වර්ග කිරීම
විවිධාකාර
පදනම් අනුව අපට මේ පරිගණක ජාලයන් වර්ග කරන්නත් පුලුවන්
· ජාලයේ හිමිකාරීත්වය අනුව
1. පෞද්ගලික
ජාල (Private Networks)
2. පොදු ජාල
(Public Networks)
3. අතත්‍ය
පුද්ගලික ජාල (Vertual Private Networks)
· ජාලය තුල සර්වරයක් තිබේද නැද්ද යන පදනම මත
1. Client Server Networks
මෙම
වර්ගයේ ජාලවල ඇති පරිගණක නැවත බෙදා වෙන් කිරීම කරන්න පුලුවන්.
Client
Computers
මේවා
සාමාන්‍ය වැඩපොලවල් (workstation computers) වන අතර පාරිශීලකයන් ඔවුන්ට අවශ්‍ය සේවාවන්
ලබා ගැනීමට මේවා යොදා ගන්නවා. සාමාන්‍යයෙන් ජාලයක වැඩිපුරම තිබෙන්නේ මේ වර්ගයේ පරිගණකයන්
තමා.
Server
Computers
මේවා
ඉතාමත් අධ්ක ධාරිතාවක් සහිත බලවත් පරිගණක විශේෂයක් ලෙස හදුන්වාදීම කරන්න පුලුවන්. බොහෝ
වේලාවට ජාල කේන්ද්‍රයේ තමා මේ පරිගණක සම්බන්ධ කරලා තියෙන්නේ. ජාලයක් ඇතුලත බහුලව මේවා
දකින්න නොහැකියි.
මෙම
සර්වර් පරිගණක නැවත වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුලුවන්. Client/Server ජාල වලදී පාරිශීලකයන්
Client පරිගණක හරහා ජාලයට පිවිසෙන අතර ඔවුන්ට අවශ්‍ය දත්ත හා අනෙකුත් සේවාවන්
Server පරිගණකය විසින් ලබා දීම සිදුවනවා. Server පරිගණකයක් විසින් සපයනු ලබන දත්ත හා
සේවාවන් ලබා ගන්නට Client පරිගණක තුළ විශේෂ වර්ගයේ මෘදුකාංග එනම් Client Software තිබිය
යුතු වනවා. ඒ වගේම අදාල දත්ත හා සේවා Client පරිගණක වලට ලබා දීමට Server පරිගණක විශේෂ
වර්ගයේ මෘදුකාංග එනම් Server Software පිහිටුවලා තිබිය යුතු වනවා.
2. Peer-to-Peer Networks
මෙම
වර්ගයේ ජාල වල සර්වර් වර්ගයේ පරිගණක දකින්නට නොහැකි වෙනවා. මේවායේදී වැඩපොළවල් (workstations)
පමණක් එකිනෙකට සම්බන්ධ වීම සිදුවෙනවා. ගොනු හෙවත් Files සියලුම වැඩපොළවල් අතර පොදුවේ
හුවමාරු කර ගත හැකිවනවා වගේම එක් වැඩපොලක තිබෙන මුද්‍රණ යන්ත්‍ර වෙත අනෙක් වැඩපොළවලටත්
පිවිසීමට හැකිවනවා. කොහොම වුනත් Client Server වලදී ඇති වාසි මේවායේ දකින්නට නොහැකි
වනවා වගේම මේ වර්ගයේ ජාලයක් සැකසීමට හැකි වන්නේ එකම කාර්‍යාලයක් හෝ කාමරයක් ඇතුලත පමනයි.
දුරස්ථව තිබෙන පරිගණකවලට මෙම තාක්ෂණය යෙදීමටද හැකිවන්නේත් නැහැ.
· ජාලයට සම්බන්ධ පරිගණක අතර පවතින දුර ප්‍රමාණය මත
මෙහිදී
අපට ප්‍රධාන වර්ග 3 කට වෙන් කර දක්වන්න පුලුවන්
1. ප්‍රාදේශීය ජාල හෙවත් Local Area Networks (LAN)
එකම
ගොඩනැගිල්ලක හෝ ආසන්නයේ තිබෙන ගොඩනැගිලි කිහිපයක පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීමෙන් සෑදූ
ජාලයන් LAN ලෙස හදුන්වනු ලබනවා.
උදා:
එකම නගරයක තිබෙන බැංකු ශාඛා කිහිපයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම.
2. පුළුල් ප්‍රාදේශීය ජාල හෙවත් Wide Area Networks (WAN)
රටවල්
කිහිපයක පිහිටා තිබෙන පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීමෙන් සෑදූ ජාලයන් WAN ලෙස හැදින්වීම
සිදුවනවා.
උදා:
අන්තර්ජාලය
3. නගරාන්තර ජාල හෙවත් Metropolitan Area Networks (MAN)
නගරයන්
කිහිපයක පිහිටලා තිබෙන පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමෙන් සෑදූ ජාලයන් MAN ලෙස හැදින්වනු
ලබනවා.
උදා:
ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව රටේ විවිධ නගරවල ඇති ශාඛා එකට සම්බන්ධ කිරීමෙන් සෑදූ
ජාලය.
04.ඉගෙනුම් ක්‍රමවේදය හොදයි
05.විස්ථාරණිය තොරතුරු ගවේශණය INTERNET





No comments:
Post a Comment